පතෝල සම්බෝල
අවශ්‍ය දේ
ලපටි පතෝල කරලක්
රතු ළුණු ගෙඩි 5 ක් 6 ක් අමු මිරිස් කරල් 2 ක්
උම්බලකඩ
ලුණු
දෙහි ඇඹුල්
සාදන පිළිවෙල
මුලින්ම පතෝල කරල හොඳට සූරා මදය ඉවත් කර සිහින් කැලි වලට කපා ගන්න.ඉන් පසු එය ලුණු වතුරට දමා මිරිකා ගන්න.දැන් එය භාජනයකට දමා සිහින්ව කපාගත් රතු ළුනු,අමුමිරිස් සහ උම්බලකඩ එක් කරන්න.ඊට අවශ්‍ය පමණ ලුණු සහ දෙහි ඇඹුල් ද එක කර කෑමට ගන්න. රසය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක් ද එක් කල හැක.
කජු මාළුව
අවශ්‍ය දේ
කජු මද 300 g ක්
පොල් ගෙඩියක කිරි (මිටි කිරි දියකිරි වෙනම )
රතු ළුණු ගෙඩි 8 ක්
අමුමිරිස් කරල් 8 ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 ක්
රම්පේ සහ කරපිංචා
සේර ඉත්තක්
අමු ඉඟුරු පෙති 3 ක්
සුදු ළුණු බික් 2 ක්
අබ තේ හැඳි 1 ක්
ලුණු
පොල් තෙල්
කැලි කපාගත් වියලි මිරිස්
සාදන පිළිවෙල
සෝදා ගත් කජු පොල් කිරි ,වියලි මිරිස් කැලි ,රතු ළුනු සහ කොත්තමල්ලි කුඩු දමා තැම්බෙන්නට හරින්න.දැන් වෙනත් බඳුනකට පොල්තෙල් දමා රත් වන විට රම්පේ සේර කරපිංචා අමු මිරිස් ඉතිරි රතු ළුනු අමු ඉඟුරු සුදු ළුනු අබ දමා බැද ගන්න.දැන් මුලින් තම්බා ගත් කජු මිශ්‍රණය එයට දමා ඉස්ම හිඳෙන තුරු හොඳින් පිස ගන්න.