අපේ බත් වර්ග කිහිපයක්
මුං පොල් බත්
අවශ්‍ය දේ
මුං ඇට හුන්ඩු 2 ක්
හාල් හුන්ඩු 2ක්
පොල් ගෙඩි 1ක්
ලුණු
සාදන පිළිවෙල
මුං ඇට ටික සහ හාල් හොඳට ගරලා සෝදලා ලිපේ හරි rice cooker එකේ හරි තියන්න.ඊට පස්සේ ගාගත්ත පොල් වලට ලුණු වතුර ටිකක් කවලම් කරලා බත ඉදුනට පස්සේ ඒකට උඩින් දාල කූරු ගාල විනාඩි 15 ක් විතර තියන්න.මේ බත් කන්න ලුණු මිරිස් හොඳට ගැලපෙනවා.ඔබ ලුණු මිරිස් හදන්න දන්නේ නැත්නම් ඒකත් අපි කියල දෙන්නම්.
ඉඹුල් කිරිබත්
අවශ්‍ය දේ
කැකුළු හාල් සේරු 1 යි
පැණි බෝතල් 1/4 යි
පොල් ගෙඩි 1 1/2 ක් පමණ
ලුණු
කොළ පතක් හෝ ඉටි කොලයක්
සාදන පිළිවෙල
හාල් සෝදා ලුණු සහ පොල් ගෙඩියක කිරි දමා කිරිබත් උයා ගන්න. (කිරි බත් සාදන විදිය වෙනම දක්වා ඇත)පැණි ටික ලිපේ තබා උණු කර උතුරාගෙන එන විට එයට පොල් ගෙඩි 1/2 ක පොල් එකතු කර හොඳින් හැඳි ගාමින් පැණි පොල් සාදා ගන්න.කොළපත හෝ ඉටි කොළ කැබැල්ල ගෙන එහි මැදට කිරිබත් ටිකක් දමන්න.ඒ මැදට පැණි පොල් ටිකක් දමා කොළපත හෝ ඉටි කොලය දෙපැත්තෙන් නවල ඔතන්න.(ටොෆීයක් ලෙසට )ටික වෙලාවක් එලෙස තියල දිග අරින්න.මේ විදියට ඇති තරම් ඉඹුල් කිරිබත් හදල ලස්සනට මේසයට යවන්න පුළුවන්.ඉක්මනට හදාගන්න නම් ඔබට අවශ්‍ය කිරිබත් ගනනට හරියන්න ඉටිකොළ හරි කොලපත් හරි භාවිතා කරන්න ඔබට පුළුවන්.
හැබැයි මේක කරන්න තව අලුත් ක්‍රමේකුත් තියෙනවා. ඒකත් හරිම ලේසියි.
කරන්න තියෙන්නේ කොළපත වෙනුවට ලස්සන පුංචි cup එකක් අරගෙන එකෙන් 1/2 ක් විතර කිරිබත් දාන්න.ඊට පස්සේ පැණි පොල් දාලා එකට උඩින් ආයෙත් කිරිබත් දාන්න.දැන් cup එක අනිත් පැත්ත හරවල හිමින් තට්ටු කරන්න. ලස්සන හැඩයක් තිරෙන ඉඹුල් කිරිබත් ඔබට ලැබෙයි.
මුං කිරිබත්
අවශ්‍ය දේ
කැකුළු හාල් සේරු 1/2 ක්
මුං ඇට සේරු 1/2 ක්
පොල් ගෙඩියක්
ලුණු
සාදන පිළිවෙල
අවශ්‍ය දේ
කැකුළු හාල් සේරු 1/2 ක්
මුං ඇට සේරු 1/2 ක්
පොල් ගෙඩියක්
ලුණු
සාදන පිළිවෙල
මුං ඇට සහ හාල් ගරා සෝදා එකට ලිපේ හෝ rice cooker එකේ තබන්න. බත් ඉදිගෙන එනවිට පොල් කිරි සහ ලුණු දමා හොඳට මිශ්‍ර කරන්න.මිනිත්තු 5 ක් පමණ ලිප තබා පදමට පැමිණි පසු කැලි කපා හෝ cup එකකට දමා අනිත් පැත්ත හරවා සකසාගෙන මේසයට යවන්න.