පතෝල සම්බෝල
අවශ්‍ය දේ
ලපටි පතෝල කරලක්
රතු ළුණු ගෙඩි 5 ක් 6 ක් අමු මිරිස් කරල් 2 ක්
උම්බලකඩ
ලුණු
දෙහි ඇඹුල්
සාදන පිළිවෙල
මුලින්ම පතෝල කරල හොඳට සූරා මදය ඉවත් කර සිහින් කැලි වලට කපා ගන්න.ඉන් පසු එය ලුණු වතුරට දමා මිරිකා ගන්න.දැන් එය භාජනයකට දමා සිහින්ව කපාගත් රතු ළුනු,අමුමිරිස් සහ උම්බලකඩ එක් කරන්න.ඊට අවශ්‍ය පමණ ලුණු සහ දෙහි ඇඹුල් ද එක කර කෑමට ගන්න. රසය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක් ද එක් කල හැක.
කජු මාළුව
අවශ්‍ය දේ
කජු මද 300 g ක්
පොල් ගෙඩියක කිරි (මිටි කිරි දියකිරි වෙනම )
රතු ළුණු ගෙඩි 8 ක්
අමුමිරිස් කරල් 8 ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 ක්
රම්පේ සහ කරපිංචා
සේර ඉත්තක්
අමු ඉඟුරු පෙති 3 ක්
සුදු ළුණු බික් 2 ක්
අබ තේ හැඳි 1 ක්
ලුණු
පොල් තෙල්
කැලි කපාගත් වියලි මිරිස්
සාදන පිළිවෙල
සෝදා ගත් කජු පොල් කිරි ,වියලි මිරිස් කැලි ,රතු ළුනු සහ කොත්තමල්ලි කුඩු දමා තැම්බෙන්නට හරින්න.දැන් වෙනත් බඳුනකට පොල්තෙල් දමා රත් වන විට රම්පේ සේර කරපිංචා අමු මිරිස් ඉතිරි රතු ළුනු අමු ඉඟුරු සුදු ළුනු අබ දමා බැද ගන්න.දැන් මුලින් තම්බා ගත් කජු මිශ්‍රණය එයට දමා ඉස්ම හිඳෙන තුරු හොඳින් පිස ගන්න.
Sri Lankan recipes 01
Taste of Sri Lanken traditional rice
අපේ බත් වර්ග කිහිපයක්
මුං පොල් බත්
අවශ්‍ය දේ
මුං ඇට හුන්ඩු 2 ක්
හාල් හුන්ඩු 2ක්
පොල් ගෙඩි 1ක්
ලුණු
සාදන පිළිවෙල
මුං ඇට ටික සහ හාල් හොඳට ගරලා සෝදලා ලිපේ හරි rice cooker එකේ හරි තියන්න.ඊට පස්සේ ගාගත්ත පොල් වලට ලුණු වතුර ටිකක් කවලම් කරලා බත ඉදුනට පස්සේ ඒකට උඩින් දාල කූරු ගාල විනාඩි 15 ක් විතර තියන්න.මේ බත් කන්න ලුණු මිරිස් හොඳට ගැලපෙනවා.ඔබ ලුණු මිරිස් හදන්න දන්නේ නැත්නම් ඒකත් අපි කියල දෙන්නම්.
ඉඹුල් කිරිබත්
අවශ්‍ය දේ
කැකුළු හාල් සේරු 1 යි
පැණි බෝතල් 1/4 යි
පොල් ගෙඩි 1 1/2 ක් පමණ
ලුණු
කොළ පතක් හෝ ඉටි කොලයක්
සාදන පිළිවෙල
හාල් සෝදා ලුණු සහ පොල් ගෙඩියක කිරි දමා කිරිබත් උයා ගන්න. (කිරි බත් සාදන විදිය වෙනම දක්වා ඇත)පැණි ටික ලිපේ තබා උණු කර උතුරාගෙන එන විට එයට පොල් ගෙඩි 1/2 ක පොල් එකතු කර හොඳින් හැඳි ගාමින් පැණි පොල් සාදා ගන්න.කොළපත හෝ ඉටි කොළ කැබැල්ල ගෙන එහි මැදට කිරිබත් ටිකක් දමන්න.ඒ මැදට පැණි පොල් ටිකක් දමා කොළපත හෝ ඉටි කොලය දෙපැත්තෙන් නවල ඔතන්න.(ටොෆීයක් ලෙසට )ටික වෙලාවක් එලෙස තියල දිග අරින්න.මේ විදියට ඇති තරම් ඉඹුල් කිරිබත් හදල ලස්සනට මේසයට යවන්න පුළුවන්.ඉක්මනට හදාගන්න නම් ඔබට අවශ්‍ය කිරිබත් ගනනට හරියන්න ඉටිකොළ හරි කොලපත් හරි භාවිතා කරන්න ඔබට පුළුවන්.
හැබැයි මේක කරන්න තව අලුත් ක්‍රමේකුත් තියෙනවා. ඒකත් හරිම ලේසියි.
කරන්න තියෙන්නේ කොළපත වෙනුවට ලස්සන පුංචි cup එකක් අරගෙන එකෙන් 1/2 ක් විතර කිරිබත් දාන්න.ඊට පස්සේ පැණි පොල් දාලා එකට උඩින් ආයෙත් කිරිබත් දාන්න.දැන් cup එක අනිත් පැත්ත හරවල හිමින් තට්ටු කරන්න. ලස්සන හැඩයක් තිරෙන ඉඹුල් කිරිබත් ඔබට ලැබෙයි.

මුං කිරිබත්
අවශ්‍ය දේ
කැකුළු හාල් සේරු 1/2 ක්
මුං ඇට සේරු 1/2 ක්
පොල් ගෙඩියක්
ලුණු
සාදන පිළිවෙල
අවශ්‍ය දේ
කැකුළු හාල් සේරු 1/2 ක්
මුං ඇට සේරු 1/2 ක්
පොල් ගෙඩියක්
ලුණු
සාදන පිළිවෙල
මුං ඇට සහ හාල් ගරා සෝදා එකට ලිපේ හෝ rice cooker එකේ තබන්න. බත් ඉදිගෙන එනවිට පොල් කිරි සහ ලුණු දමා හොඳට මිශ්‍ර කරන්න.මිනිත්තු 5 ක් පමණ ලිප තබා පදමට පැමිණි පසු කැලි කපා හෝ cup එකකට දමා අනිත් පැත්ත හරවා සකසාගෙන මේසයට යවන්න.
Sri Lankan recipes
Sri Lankan recipes.....
Are you like to prepare Foods at your home.....If your answer is 'YES' this feature for you....
ශ්‍රී ලංකාවේ ඔබ ලෝකයේ කොතන හිටියත් අපේ ආරට රස ආහාර වේලක් තනා ගන්න මොනතරම් උත්සහ කරලා ඇද්ද ? නමුත් වැඩිපුරම ඔබට සිදුවන්නේ ලැබෙන කුමක් හෝ ආහාරයකින් කුස පුරවාගන්න.එය අපේ දෙයක්ද නැද්ද කියා සොයා බලන්න ඔබට කාලයක් නැහැ. ඒ කෙසේ වෙතත් ආපන ශාලාවක හදන ආහාර වේලක් වගේද අපේ අතින්ම පිළියෙළ කරගත්තාම . මොකද ලංකාවෙන් ඈතට ගිහින් ඉන්න ඔබ ගෙදර හදපු කොස් මැල්ලුම මතක් කරකර ආයේ කවදද කන්නේ කියල දුක් වෙනවා ඇති . ඒ වගේම රසවත් කෑම බීම වර්ග හදන්න අද ගැහැණු පිරිමි කියල බේදයක් නැහැ. ඒ නිසාම මේ විශේෂාංගය සයුරෙන් එතෙර ඉන්න ඔබටත් ,අලුත බැඳපු ඔබටත් විතරක් නෙවේ රසට අපේ කෑම උයන්න කැමති ඔයාටත් වැදගත් වේවි. ලංකාවේ ප්‍රවීණ සුපවේදීන් සමග මේ පිටුව සරසන්න අපි සුදානම්.
Subscribe to:
Posts (Atom)